අගමැතිතුමියට නම් උත්තර දෙන්න එපා කියන්න නැත්තම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා, නාමල් ආවේස වෙයි

Report

අද දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවට ලැබුණු බව පවසන ආයෝජන සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළා.

එහිදී ආයෝජන ලැබුණු බව කියන රුපියල් මිලියන 500 ආවේ මොන ව්‍යාපෘතියට ද යන්න විමසූ අතර ඒ සඳහා පිළිතුරු දීමට අගමැතිතුමියට ඉඩ නොදෙන ලෙස ද ඉල්ලා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ,

දැන් මේ තරම් අඩු ගාණකට මේ අයටත් ලයිසන් එක ගන්න පුළුවන්

දැන් මේ තරම් අඩු ගාණකට මේ අයටත් ලයිසන් එක ගන්න පුළුවන්

 "එදා චෝදනා කළේ කැසිනෝ දාලා ගංජා වවලා ආර්ථිකේ හදන්න යනවා කියලා විහිළු කළේ, හැබැයි එහෙම කියපු අය තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිවල කැසිනොයි ගංජයි දෙකම දාලා තියෙනවා. දාලා විතරක් නෙවෙයි අපිටත් වඩා හොඳට ඒක සමාජ ගත කරන්න එතුමන්ලා වැඩ කරනවා. ජනතාවට අසීමිතව බදු ගහලා ආණ්ඩුව කියනවා අපි ආදායම වැඩි කරාලු. දැන් මේ වැඩි කරලා ගත්තු ආදායමෙන් ජනතාවට ලැබෙන්නේ මොනවද? ආවේ එක පෑන් පාරෙන් හාල් මාෆියාව අයින් කරනවා කියලා. හැබැයි හාල් පිටරටින් ගේනවා හැමදාම. ඉස්සර කිව්වේ ඇමතිවරයා කොමිස් ගහන්න හාල් පිටින් ගේනවා කියලා. දැන් කොහොමද දන්නේ නෑ මොකද අපි ඒවා කියන්න යන්නේ නෑනේ..පාරවල් හදනවා කිව්වා හැබැයි වළවල් වහනවා දැක්කා, තව ටැප් එකත් අරිනවත් දැක්කා බස් එකේ යනවත් දැක්කා. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම ගැන අපි ප්‍රශ්න කරන්නේ නැහැ හැබැයි ඒකෙන් අනිත් පැත්තට ජනතාවට ඔයාලා මොනවද දෙන්නේ...අද අධිකරණ පද්ධතියටත් දේශපාලනය ගේන්න උත්සාහ කරනවා.

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

කරුණාකරලා ස්වාධීන අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය කරන්න ලෑස්ති වෙන්න එපා. මේ ඉස්සරහ පෝලිමේ ඉන්න අයගේ නඩු තියෙන විනිශ්චයකාරවරුන්ව මාරු කරලා තියෙනවා. ඒක අපි දන්නවා. අපේ ඉඩම් ගැන කතා කරනවා. අපිට අනුරාධපුරේ ගිහාම නාන්න විතරක් ගෙයක් නෑනේ. එහෙම අය තමයි අපිට චෝදනා කරන්නේ. අපි ඒවට ඊරිසියා කරන්නේ නැහැ. හැබැයි අධිකරණ පද්ධතියේ ගරු විනිසුරුවරු පත් කරන්න, මාරු කරන්න දේශපාලන මැදිහත් වීම ගේන්න එපා....හරි හරි අහගෙන ඉන්නකෝ එන්නම් එන්නම් අපි ඔයාලවත් හම්බෙන්න එනවා වෙලාව ආවම..මේ පනත් හොඳයි. හැබැයි ඒවල තියෙන විදිහට දැන් ආයෝජකයින් මිලියන 500ක් ඇවිල්ලා තියෙනවා කිව්වා. ආපු නම් ටික සභා ගත කරන්න. කවුද ආයෝජකයා බලන්න. ආපු මිලියන 500 ආවේ මොන ව්‍යාපෘතියට ද? අගමැතිතුමියට නම් උත්තර දෙන්න එපා කියන්න. නැත්තම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ ඔක්කොමලා එකතු වෙලා අගමැතිතුමියට බනිනවා." 

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්