එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අතර හමුවක්

Report

 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෲ ෆ්‍රෙන්ච් මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අතර විශේෂ හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී 'දිට්වා' සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ මෙන්ම එල්නිනෝ තත්ත්වය හමුවේ ඉදිරියේදී ඇතිවිය හැකි ආපදාවලට මුහුණදීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී විසින් UN නියෝජිතයින් දැනුවත් කරන ලදී.

යෝෂිත රාජපක්ෂත් ලෝක අමාරුවක - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ අභියාචනයත් ඉල්ලා අස්කරගයි

යෝෂිත රාජපක්ෂත් ලෝක අමාරුවක - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ අභියාචනයත් ඉල්ලා අස්කරගයි

ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන මෙම ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව මාර්ක් ඇන්ඩෲ මහතා මෙහිදී සහතික විය.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හවුල්කාරිත්ව සහ සංවර්ධන මූල්‍ය විශේෂඥ අසාම් බාකීර් මාකර් මහතා සහ මානුෂීය හා ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳ නිලධාරිනී වගීෂා පෙරේරා මහත්මිය ද සහභාගී වූහ.

හෙට නිමල් කියයි සල්ලි දුන්නේ නාමල්ට නෙවෙයි හරිනි අමරසූරියට කියලා - නාමල්ව හිරේ දාපු නිමල්ගේ පටි චානක රෝල් කරයි

හෙට නිමල් කියයි සල්ලි දුන්නේ නාමල්ට නෙවෙයි හරිනි අමරසූරියට කියලා - නාමල්ව හිරේ දාපු නිමල්ගේ පටි චානක රෝල් කරයි