යෝෂිත රාජපක්ෂත් ලෝක අමාරුවක - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ අභියාචනයත් ඉල්ලා අස්කරගයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුවක කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් ගොනු කරන ලද අභියාචනය අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගෙන තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන් අතර, අනාගතයේදී අභියාචනයක් ගොනු කිරීමට අවශ්‍ය වුවහොත් එම කරුණම මතු කිරීමට යෝෂිත රාජපක්ෂට අවසර දුන් බව මාධ්‍ය වාර්තා කරයි.