නාමල් රාජපක්ෂට හෙට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර - බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම්දෙයි
ඉදිරි දිනවල පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු සභාවාර සඳහා සහභාගි වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.
ඒ අනුව, අඟහරුවාදා වන හෙට (08) සිට ලබන 11 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේදී පාර්ලිමේන්තුව වෙත පැමිණීමට නියමිතය.