කොස් මල්ලි'ගේ මස්සිනා භූත කළුවා නිදියහනේදීම කපා කොටා ඝාතනය කෙරෙයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කොස් මල්ලි' නමැත්තාගේ මස්සිනා වන 'භූත කළුවා' නමැත්තා අද (07) අලුයම 1.45ට පමණ දෙහිවල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බව දෙහිවල පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු 'කොස් මල්ලි' සමඟ වසර කිහිපයක් ඩුබායි හි රැඳී සිට ඇති අතර, අංශභාග රෝගී තත්ත්වයක් හේතුවෙන් මීට සති කිහිපයකට පෙර මෙරටට පැමිණ තිබේ.
ත්‍රීරෝද රථයකින් පැමිණි සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් නිවසේ දොර කඩා ඇතුළු වී, ඇඳ මත නිදා සිටි මෙම පුද්ගලයාට තියුණු ආයුධවලින් පහරදී පලාගොස් ඇත.
බරපතළ තුවාල ලැබූ ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික "බඩෝවිට අසංක"ගේ පාර්ශ්වය විසින් සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.