සැප්තැම්බර් 16,17 විශේෂ වැඩසටහනක් - රටේ තරුණ පරපුරට අවස්ථාවක් මෙන්න
රටේ ජාතික සංවර්ධනයට තරුණ පරපුරේ දායකත්වය විද්‍යාත්මක පදනමින් ලබාගැනීම සඳහා ජාතික පර්යේෂණ සමුළුව මේ මස 16 හා 17 යන දිනවල පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතියි.
අද(07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්ෂේත්‍ර 9 ක් ඔස්සේ සිදුකළ පර්යේෂණ වාර්තා පදනම් කරගෙන සකස් කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය ලබන වසරේ මුල් කාර්තුවේදී එළිදැක්වෙන බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළේය.