මාලිමා ආණ්ඩු ප්‍රතිපත්ති ජනතාවට සුභයි - ෂැෂේ පැකට් එකෙන් ලොකු භාණ්ඩ වලට මිනිස්සු මාරු වෙලා

Report

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ජනතාව අතරට වැඩි වැඩියෙන් මුදල් මුදාහැර ඔවුන් ආයෝජන මාර්ග වෙත නැඹුරු කිරීම අවශ්‍ය බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා පසුගියදා පෞද්ගලික කර්මාන්ත ආයතනයකට ගිය බවත් එහි නිෂ්පාදන විවිධාංගීකරණය මගින් ආර්ථික සංවර්ධනය පිළිබඳ කදිම නිර්ණායකයක් දිය හැකි තැනක් බවත්ය.

පාසල් දරුවන් ගැන බිහිසුණු අනාවරණයක් - දෙමව්පියන්ගේ විශේෂ අවදානයට

පාසල් දරුවන් ගැන බිහිසුණු අනාවරණයක් - දෙමව්පියන්ගේ විශේෂ අවදානයට

ආර්ථික අර්බුදය සමයේ එහි නිපදවන සබන්, ෂැම්පු සහ දත් බෙහෙත් ෂැෂේ පැකට් මිලට ගත් ජනතාව දැන් නැවත එහි විශාල නිෂ්පාදන මිලට ගන්නා බවද ඔහු පෙන්වා ආර්ථික අර්බුදය නැවත වැඩි වන විට එම නිෂ්පාදන නැවත කුඩා වන බවද ඇමති හඳුන්නෙත්ති සඳහන් කරයි.

ජනතාවට ලොකු මිලදී ගැනීමේ හැකියාවක් නොමැති නම් නැවත ෂැෂේ පැකට් ඉල්ලුම ඉහළ යන බවද ඔහු ප්‍රකාශ කරයි. අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

මේ පාසල් සඳහා විශේෂ නිවාඩුවක් - ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ දැනුම්දීමක්

මේ පාසල් සඳහා විශේෂ නිවාඩුවක් - ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ දැනුම්දීමක්