සෝ සුසුම් මැද යාත්‍රා අනතුරින් අතුරුදන් වූ නාවික හමුදා නිලධාරියා අවසන් ගමන් යයි
අඟුලාන මුහුදේදී සිදුවූ නාවික යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිට පසුව සිරුර සොයාගත් නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු අද (07) පස්වරු 4.30ට පූර්ණ නාවික හමුදා උත්තමාචාර මැද වේරහැර පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.
පසුගිය අගෝස්තු මස 15 වන දින නාවිකයින් 12 දෙනෙකු සමඟ ගමන් කළ වේග ප්‍රහාරක යාත්‍රාවක් අඟුලාන මුහුදු තීරයේදී අනතුරට ලක්වූ අතර, එහි සිටි නාවිකයින් 11 දෙනෙකු අඟුලාන පොලීසිය සහ ප්‍රදේශවාසී ධීවරයින් විසින් බේරාගනු ලැබීය.
කෙසේ වෙතත්, බොරලැස්ගමුව වේරහැර පදිංචි 26 හැවිරිදි නාවික ලුතිනන් තිළිණ සන්දේශ් උදයප්‍රිය මහතා එහිදී අතුරුදන් විය.
2020 වසරේ නාවික හමුදාවට එක්වූ මෙම නිලධාරියා සෙවීම සඳහා සති කිහිපයක් පුරා ක්‍රියාත්මක කළ විශේෂ කිමිඳුම් මෙහෙයුමකින් පසු, ගිලාබසින ලද යාත්‍රාව තුළ තිබී සැප්තැම්බර් 04 වනදා ඔහුගේ සිරුර සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම්කරුවෝ සමත් වූහ.