තද හිරු රශ්මිය හේතුවෙන් දිවා කාලයේ උණුසුම වැඩිවෙයි - දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට කාලගුණයෙන් උපදෙස් මෙන්න
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය උතුරු මැද සහ නැගෙනහිර පළාත් මෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා වලංගු වේ.
ඒ අනුව, අදාළ පළාත් සහ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමකට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උණුසුම් දර්ශකය යනු පරිසරයේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය සැලකිල්ලට ගනිමින් මිනිස් සිරුරට දැනෙන උණුසුම මැනීමයි. මෙවැනි උණුසුම් තත්ත්වයන් යටතේ දිගු වේලාවක් සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින ලෙසත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් ජනතාවට අවධානය යොමු කිරීම වැදගත් වේ.