ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියෙන් ඩොලර් හදිසි මානුෂීය ආධාර
ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් ශ්‍රී ලංකාව යථාතත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සදහා එක්සත් රාජධානිය හදිසි මානුෂීය ආධාර සඳහා ඩොලර් 890,000 (£675,000) ක් ලබාදීමට පොරොන්දු වී ඇත.
ඒ වගේම රතු කුරුස සංවිධානය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ දේශීය හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් මෙම ආධාර ලබාදෙන බවත් ඒ අනුව ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් හදිසි සැපයුම් සහ ජීවිතාරක්ෂක සත්කාර ලබා දෙන බව වාර්තා වේ.
ඒ වගේම එක්සත් රාජධානිය නිවේදනය කර ඇත්තේ සුළි කුණාටුවෙන් අවතැන් වූ හෝ දැඩි ලෙස පීඩාවට පත්වූවන් සඳහා ආහාර, නවාතැන් සහ වෛද්‍ය ආධාර ඇතුළු ක්ෂණික අවශ්‍යතා සපුරාලීම මෙම ප්‍රදානයේ අරමුණ බවයි.