මේ අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

Report

ආපදාවට ලක්වූ ප්‍රදේශවල මාර්ග පිළිසකර කරමින් තිබිය දී විශාල වශයෙන් සහන කණ්ඩායම් පැමිණීම එම කාර්යයට බාධාවක් වී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

එබැවින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා කියා සිටියේ, එම සහන කණ්ඩායම් සිදුකරන මෙහෙවරට තම ගෞරවනීය ස්තූතිය පළ කරන බවයි.

එසේ වුවත් ඇතැම් දිස්ත්‍රික්කවල මාර්ග අලුත්වැඩියා කටයුතු සිදුකරන ප්‍රදේශවලට විශාල වාහන ප්‍රමාණයක් පැමිණීම එම කටයුතුවලට බාධාවක් බවත් ඔවුන් සඳහන් කරයි.

එමෙන්ම ඇතැම් යතුරුපැදිකරුවන් පැමිණ ආපදාවට ලක්වූ ස්ථාන නිරීක්ෂණය කරමින් එම ස්ථාන වීඩියෝ ගත කිරීම නිසා අදාළ ස්ථානවල රාජකාරි සිදුකරන පිරිසට එය බාධාවක් වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක් ගැන දැනුම් දෙයි

තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක් ගැන දැනුම් දෙයි

එසේ පැමිණෙන පිරිසට ද මෙම තත්ත්වය අවදානම් බව ද සඳහන් කර සිටින බැවින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සහන කණ්ඩායම් අදාළ ප්‍රදේශවල කොට්ඨාස භාර ස්ථානාධිපතිවරු සම්බන්ධ කරගනිමින් අදාළ සහනයන් ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

එමෙන්ම ආපදා මෙහෙයුම් මැදිරියට කතා කර එම සහන ලබාදීමට කටයුතු කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබෙනවා.

නිලධාරීන් පරීක්ෂා කර ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් වෙත නොයන ලෙස නිවේදනයක්

නිලධාරීන් පරීක්ෂා කර ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් වෙත නොයන ලෙස නිවේදනයක්

පොලිස් විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක :

071- 8595884

071- 8595883

071- 8595882

071- 8595881

071- 8595880 

අද සවස 2න් පස්සේ මේ පළාත්වලට වෙන්නේ මේකයි

අද සවස 2න් පස්සේ මේ පළාත්වලට වෙන්නේ මේකයි