පේරු රාජ්‍යයේ දරුණු දුම්රිය අනතුරක් ,40කට වැඩි පිරිසකට තුවාල.
By Kanchana
පේරු රාජ්‍යයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් දුම්රිය රියැදුරෙකු මියගොස් ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 40ක වැඩි පිරිසක් ඉන් තුවාල ලබා ඇති බවයි.
තවද ඉන්කා බලකොටුවක් වන මාචු පීචු නගරයේ නටඹුන් නැරඹීමට ගිය සංචාරකයින් රැගත් දුම්රිය දෙකක් එලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
එම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත .