තායි ඇතුන් දෙදෙනා ගැන සැලකිල්ල වැඩිවෙයි - විමර්ශනයට පශු වෛද්‍ය කමිටුවක්
තායිලන්තයෙන් මෙරටට ත්‍යාග ලෙස ලබා දුන් තායි රාජා ඇතින්න සහ කණ්ඩුල ඇතින්න සම්බන්ධව සොයා බැලීම සඳහා පශු වෛද්‍ය කමිටුවක් පත් කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.
තායි රාජා ඇතින්න දළදා මාළිගාවේ ඇත් පන්තියේ සිටින අතර, කණ්ඩුල ඇතින්න කැලණිය රජ මහා විහාරය යටතේ සිටින බව සඳහන්.
අදාළ ඇතින්නන් දෙදෙනාට හිරිහැර සිදුවන බවට වාර්තා පළ වීම හේතුවෙන්, තායිලන්ත රජය ඔවුන් නැවත එරටට ගෙන යාමට කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව, එළැඹෙන 28 වනදා මෙරට රජය සමග ඒ පිළිබඳ සාකච්ඡාවක් සිදු කිරීමට සූදානම් බවද වාර්තා වේ. අලුත්ගම විහාරයේ සිට මුතු රාජා හස්තියාට පෙර හිරිහැර සිදු වීම හේතුවෙන්, තායිලන්ත රජය එය පෙර ගෙන ගිය බවද සදහන් වේ.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා විමසීමකදී සඳහන් කර ඇත්තේ, අදාළ ඇතින්නන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම පශු වෛද්‍ය කමිටුව පත් කරන බවයි.