අපරාධ නඩු 6ක් තියෙද්දි කොහොමද ඡන්ද ඉල්ලන්න දුන්නේ ඝාතනය වූ වැලිගම සභාපති නිසා ලොකු අවුලක්
පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ සුළු සුළු අඩුපාඩු පවා සෙවූ පක්ෂය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට අපරාධ නඩු හයක් තිබියදීත් මැතිවරණයට ඉදිරිපත් වීමට සහ එම අපේක්ෂක ධුරය දුන්නේ කෙසේ දැයි පළාත් පාලන නියෝජිතයන් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.
මීට වගකිව යුතු බව කියන පක්ෂ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බවද එම පිරිස දැනුම්දී ඇත. ලසන්ත වික්‍රමතුංග මහතාට එරෙහිව නඩු හයක් තිබූ බවත් මත්කුඩු සම්බන්ධ නඩුවකට ඔහුට අත්හිටවූ සිර දඬුවම් පවා නියමව සිටි බවත් ඔවුහු පෙන්වා දෙති.
වික්‍රමසේකර මහතාට පළාත් පාලන අපේක්ෂකත්වය දීමේදී මෙම නඩු සම්බන්ධයෙන් දැන නොසිටියේ යැයි පිළිගත නොහැකි බව පවසන එම පළාත් පාලන නියෝජිතයෝ මේ සම්බන්ධයෙන් පක්ෂය විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද අවධාරණය කරති.
එසේම මෙම කාරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායකයා හමුවී සාකච්ඡා කිරීමටද එම නියෝජිතයෝ බලාපොරොත්තු වෙති.
මේ සම්බන්ධයෙන් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් දුරකථනය ඔස්සේ කරුණු විමසීමට උත්සාහ දැරුවද ඔහු ඊට ප්‍රතිචාර නොදක්වා ඇති බව සඳහන්.