රාජකාරියට බාධා කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka Sri Lanka Magistrate Court Drugs
By Hashini Sep 04, 2023 04:56 AM GMT
Hashini

Hashini

Report

පොලිස් රාජකාරියට බාධා කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (03) රාත්‍රී කාලයේ දී ඇහැටුවැව පොලිස් වසමේ දළුපතගම ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එහිදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණේ,සැකකරු සහ ඔහුගේ පුත්‍රයා විසිනි.

පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑමේ චෝදනාවට එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 28ක් හා 52 හැවිරිදි මකුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙනවා.

ඔවුන් අද (04) ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

ReeCha