නාගොඩ රෝහලට අලුත් මහාචාර්ය ඒකක දෙකක්

Report

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූව ලබාදීම සඳහා අවශ්‍ය වන කායික රෝග සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකක කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අද(4) ආරම්‍භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිඵල නිකුත් කරයි

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිඵල නිකුත් කරයි

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රසව හා නාරි රෝග මහාචාර්ය ඒකකය, ළමා රෝග මහාචාර්ය ඒකකය, මානසික රෝග මහාචාර්ය ඒකකය ස්ථාපනය කර ඇත.

අද ආරම්භ කිරීමට නියමිත කායික රෝග මහාචාර්ය ඒකකය සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකකය සමඟින් වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව සඳහා අවශ්‍ය වන මහාචාර්ය ඒකක පහම කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ස්ථාපිත වෙයි.

මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාල වෛද්‍ය සිසුන් 400 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු වල නිරතව සිටින අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු කරන වෛද්‍ය සිසුන් සිය දෙනකුට අවශ්‍ය වන මහාචාර්ය පුහුණුව ලබා දීමෙි කටයුතු මෙම මාසයේදීම ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි මෙම මහාචාර්ය ඒකක ස්ථාපිත කරන ලද බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

මුළු රටටම අනතුරු ඇඟවීමක්, ලංකාවෙන් තවත් මාරාන්තික වෛරසයක්

මුළු රටටම අනතුරු ඇඟවීමක්, ලංකාවෙන් තවත් මාරාන්තික වෛරසයක්

අද ඉඳන් දවස් හතරක් යනකල් වලංගු විශේෂ නිවේදනයක්

අද ඉඳන් දවස් හතරක් යනකල් වලංගු විශේෂ නිවේදනයක්