මුළු රටටම අනතුරු ඇඟවීමක්, ලංකාවෙන් තවත් මාරාන්තික වෛරසයක්
ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ පුද්ගල මරණ විශාල සංඛ්‍යාවකට බලපෑ නීපා වයිරසය ශ්‍රී ලංකාවේ වවුල් ජනපද ආශ්‍රිතව ද ව්‍යාප්තව ඇතැයි ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කණ්ඩායමක් කරන ලද පර්යේෂණයකදී හෙළි වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පළමු වරට මා වවුලන්ගේ ගමන් රටා නිරීක්ෂණය කිරීමට සහ මිනිසාගේ සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි වයිරස් පැතිරීමේ අවදානම තක්සේරු කිරීමට GPS කරපටි භාවිත කරමින් මෙරට විද්‍යාඥයන් කණ්ඩායම මෙම පර්යේෂණය කර තිබෙන බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය IDEAnet ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන අතර කොළඹ විශ්වවිද්‍යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජර්මනියේ රොබට් කොක් ආයතනය අතර සහයෝගීතාවයෙන් මෙම පර්යේෂණය සිදු කරයි.
එසේම මෙරට වනජීවීන් තුළ මතුවන බෝවන රෝග සහ රෝගීන් තුළ හඳුනා නොගත් රෝග හඳුනා ගැනීමට මෙහිදී අවධානය යොමු කර ඇත.
විශේෂඥ වයිරස් විද්‍යාඥයන් වන මහාචාර්ය ඇන්ඩ්‍රියාස් නිට්ෂේ, ආචාර්ය ක්ලෝඩියා කෝල්, ජෛව විවිධත්ව සංරක්ෂණය සහ වවුලන් පරිසර විද්‍යාව පිළිබඳ විශේෂඥයන් වන විශ්‍රාමික මහාචාර්ය විපුල යාපා, වයිරස් විද්‍යාඥ මහාචාර්ය නිහාල් ප්‍රේමවංශ, ආචාර්ය තාරකා කුසුමින්ද, මහාචාර්ය සමින්ද ප්‍රනාන්දු, චාමර අමරසිංහ සහ ආචාර්ය සහන් සිරිවර්ධන යන අය එක්ව මෙම බහු-විෂය අධ්‍යයනය සිදු කරයි.

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව
එමෙන්ම මා වවුලන්ට එක් රාත්‍රියක් තුළ කිලෝමීටර 60 ක් දක්වා පියාසර කළ හැකි බවත්, සමහර වවුලන් තමන්ගේ ගමන් මාර්ගයේ ඇති වෙනත් මා වවුල් ජනපදවලට යමින් අඛණ්ඩව කිලෝමීටර 200 කට වඩා ගමන් කරන බවත් හෙළිව ඇති බව වාර්තා වේ.
මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමට නායකත්වය දෙන මහාචාර්ය ඉනෝකා සී. පෙරේරා මහත්මිය සඳහන් කර ඇත්තේ,“මෙම වවුලන් යන්නේ කොතැනටද සහ කොපමණ දුරක් ගමන් කරනවාද යන්න තේරුම් ගැනීම රෝග පැතිර යා හැකි ආකාරය පුරෝකථනය කිරීම සඳහා ඉතා වැදගත්” යනුවෙන්.
තවද මෙරට මා වවුල් ජනපදවල නිපා වයිරසය ව්‍යාප්තව තිබෙන බව මෙම පර්යේෂණයේදී හෙළි කරගෙන තිබෙනවා.
නීපා වයිරසය නිසා අසල්වාසී ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සිය ගණනක් මිනිසුන් මිය ගොස් ඇත.
එම මරණ අනුපාතය ප්‍රතිශතයක් වශයෙන් සියයට 75 ක් ලෙස වාර්තා විය.
මේ අතර මෙරට වවුලන් තුළ ඇති නීපා වයිරස් ප්‍රභේදය ඉන්දියාවේ කේරළයේ සංසරණය වන ඒවාට ජානමය ලෙස සමාන බව ආචාර්ය සහන් සිරිවර්ධන ප්‍රකාශ කරයි.
තවද රොබට් කොක් හි මෙම ව්‍යාපෘතියට නායකත්වය දෙන කීර්තිමත් වයිරස් විද්‍යාඥ මහාචාර්ය ඇන්ඩ්‍රියාස් නිට්ෂේ විසින් “මේ දක්වා, ශ්‍රී ලංකාවෙන් නීපා වයිරසය වැළඳුණු රෝගීන් හමුවී නෑ. නමුත් එයින් අදහස් කරන්නේ අප ආරක්ෂිතයි කියලා නොවෙයි.” පවසා ඇත.