නායයාමෙන් හානි වූ වටවල දුම්රිය ස්ථානයේ නිරීක්ෂණයකට මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි එක්වෙයි

Report

පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නායයාමකට ලක්වූ වටවල දුම්රිය ස්ථාන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා අද (27) දින එක්විය.

එම දුම්රිය ස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ල පිටුපසින් පිහිටි විශාල කන්දක් නායයාම හේතුවෙන් දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව තිබිණි.

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

නායයාමෙන් හානියට පත්වූ ප්‍රධාන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය වෙත භාරදී ඇත.

එමෙන්ම, මහජනතාවගේ ගමනාගමන පහසුව වෙනුවෙන් දුම්රිය ස්ථානයේ 'ගුඩ් ෂෙඩ්' ගොඩනැගිල්ල තාවකාලික දුම්රිය ස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සඳහා වන ප්‍රතිසංස්කරණ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු අංශය මගින් මේ වන විට ආරම්භ කර තිබේ.

අද සා.පෙළ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගීවීමට නොහැකි වූ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

අද සා.පෙළ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගීවීමට නොහැකි වූ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්