අමුතු ගුලියක් නිසා අයියාමලෝ රෝහලේ..

Report

මත්ද්‍රව්‍ය සහිත ගුලි දෙකක් පාසලේදී කෑ බව කියන බාල වයස්කාර සහෝදරයින් දෙදෙනකු ක්ලාන්ත ගතියක් ඇතිවී පදියතලාව රෝහලට ඇතුළත් කළ බව අම්පාර ,පදියතලාව පොලිසිය පවසයි.

අද කාලගුණය යළිත් දරුණු වෙයි..ප්‍රදේශ රැසකට අධික වැසි..

අද කාලගුණය යළිත් දරුණු වෙයි..ප්‍රදේශ රැසකට අධික වැසි..

පාසල් එන අතරවාරයේ මෙම බාල වයස්කාර දරු දෙදෙනාට මත්ගුලි විකුණූ බව කියන අවුරුදු විසි එකක් වයස තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පදියතලාව, කෙහෙල් උල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ ප්‍රදේශයේ පාසලක පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු හයක් වයස සිසුවකු සහ අවුරුදු එකොළහක් වයසැති හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

අදත් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න..(UPDATE)

අදත් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න..(UPDATE)

ඔවුහු දෙදෙනාම සොහොයුරන් වන අතර මෙම සොහොයුරන් දෙදෙනා පාසැලට එන අතර වාරයේ අතරමග රැඳී සිටි මෙම සැකකාර තරුණයා බාල වයස්කාර සොහොයුරන් දෙදෙනාට මේවා ලබාදීමෙන් පසු ඔවුන් පාසැලට පැමිණ මේවා කා ඇත.

පසුව මේ බව විදුහල්පතිවරයාට ද දැනුම් දී ගුරුවරුන් සහ ගුරුවරියන් පිරිසක් එක් වී සොහොයුරන් දෙදෙනා රෝහල්ගත කර ඇත.