මත් පෙති සමග දෙදෙනෙකු හසු වෙයි..

Report

නාවික හමුදාව, පොලිසිය සමග එක්ව සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී මල්පෙති (Pregabalin Capsules) 2820ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත් පෙති සමග දෙදෙනෙකු හසු වෙයි.. | Two Are Caught With Drugs

සිලාවතුර කල්ලාරු මාර්ග බාධකය අසල සහ අච්චානකුලම් ප්‍රදේශයේ දී වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය, මන්නාරම අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව කල්ලාරු මාර්ග බාධකය අසල සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කර තිබුණා.

මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ක් සහ 23 ක් වන සිලාවතුර සහ නානාට්ටාන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර එහි දී එම සැකකරු සන්තකයේ තිබී මල්පෙති 120 ක් අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු මත අච්චානකුලම්, නානාට්ටාන් ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ තවත් මත් පෙති 2700ක තොගයක් සමඟ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් දෙදෙනා සහ මල්පෙති තොගය වැඩිදුර විමර්ශණ සඳහා සිලාවතුර පොලීසිය වෙත භාර දී තිබෙනවා.

තවත් රෝගයක සීඝ්‍ර ඉහළ යෑමක් - මේ දේ ඔයාගේ දරුවාටත් තියෙනවා නම් පාසල් යවන්න එපා.. වෛද්‍යවරුන්ගෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.

තවත් රෝගයක සීඝ්‍ර ඉහළ යෑමක් - මේ දේ ඔයාගේ දරුවාටත් තියෙනවා නම් පාසල් යවන්න එපා.. වෛද්‍යවරුන්ගෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.