ගං වතුරෙන් අනාථ වූ නිවෙස්වලට පැන දේපළ කොල්ලකෑ 12ක් මාට්ටු
අයහපත් කාලා ගුණය හේතුවෙන් පැවති ගංවතුව තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ නිවාස වලට ඇතුළු වී දේපළ කොල්ලා කෑ බවකියන 12 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ බතරමුල්ල සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. මෙම වසරේ ජනවාරි 1 දින සිට මේ දක්වා මාරක රිය අනතුරු 2427 කින් 2570 ක් මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.