ආපදාවට මුහුණ දුන් දරුවන්ට සහන රැසක්

Report

රටේ ඇති වූ ආපදා හේතුවෙන් දෙමාපියන් අහිමි වූ දරුවන් සම්බන්ධයෙන් නව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, දෙමාපියන් අහිමි වූ දරුවන් සමාජ සුභසාධන, පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව යටතේ ආරක්ෂා කරන බව ප්‍රකාශ කර ඇත.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ශානිකා මලල්ගොඩ මහත්මිය මෙම ප්‍රකාශය සිදු කළාය. ආන්තික කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් වූ දරුවන් සංඛ්‍යාව පිළිබඳ දත්ත රැස් කිරීමේ කාර්යය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට පැවරී ඇති බව ද ඇය පැවසුවාය.

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

මේ අතර, ටිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනවලින් ශ්‍රී ලංකාවේ ළමුන් 275,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

රජයෙන් ලක්ෂ 2ක දීමනාවක්

රජයෙන් ලක්ෂ 2ක දීමනාවක්