මේ අයව අමෙරිකාවට අවශ්‍යයි - ට්‍රම්ප්ම කියයි
තම රටට විදෙස්වලින් දක්ෂ කම්කරුවන් සහ විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඇතැම් විශේෂ දක්ෂතා ඇති අය අමෙරිකාව තුළ නොමැති බවයි.
ඔහු මේ බව කියා සිටියේ ප්‍රවෘත්ති නාලිකාවක් සමග සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවකදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් අඳාළ ප්‍රකාශය සිදුකර ඇත්තේ, මෙම වසරේ ආරම්භයේදී ඔහුගේ පාලනය මඟින් H-1B වීසා අයදුම්පත් වෙනුවෙන් ඩොලර් 100,000ක අයදුම් ගාස්තුවක් නියම කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව මෙම වීසා ක්‍රමය විශාල ලෙස භාවිතා කරන්නේ අමෙරිකානු තාක්ෂණික හා නව්‍ය සංස්ථා මගින් විදෙස්වලින් ඉතා දක්ෂ කම්කරුවන් බඳවා ගැනීමටයි.