රුසියාවත් යුද්දෙට අදින ට්‍රම්ප් - පුටින් ඉරානෙට උදව් කරන බවට චෝදනාවක්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පල කර ඇත්තේ වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉරානයට යම් මට්ටමක සහායක් ලබා දෙමින් සිටින බවයි.
ෆොක්ස් නිව්ස් (Fox News) නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී රුසියාව ඉරානයට සහාය වන්නේ දැයි නැගූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
"මම හිතන්නේ ඔහු (පුටින්) ඉරානයට යම් මට්ටමකින් උදව් කරනවා විය හැකියි," යනුවෙන් ට්‍රම්ප් පැවසූ අතර, "ඒ වගේම යුක්රේනයට අප උදව් කරනවා කියලා ඔහුත් හිතනවා ඇති, නේද?" යනුවෙන් ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
රුසියාව විසින් ඉරානයට බුද්ධි තොරතුරු ලබා දී ඇති බවටත්, එම තොරතුරු ඇමරිකානු හමුදාවන්ට එරෙහිව භාවිතා විය හැකි බවටත් ඇති කරුණ සම්බන්ධයෙන් වොෂින්ටනය දැඩි පරීක්ෂාවකින් සිටියි. කෙසේ වෙතත්, ධවල මන්දිරය මීට පෙර මෙම කරුණු ප්‍රතික්ෂේප කර ඇති අතර, රුසියාව ද මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. ඇමරිකානු විශේෂ දූත ස්ටීව් විටකොෆ් ප්‍රකාශ කළේ රුසියාවේ ප්‍රකාශය විශ්වාස කළ හැකි බවයි.