ඉරානේ නායකයා ගැන ඔත්තුවක් දුන්නොත් ඩොලර් මිලියන 10ක් තෑගි - ඇමරිකාවේ යුද පරාජය ඇස් ඉදිරියේ

Report

ඉරාන නායකත්වයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සිය පීඩනය තවදුරටත් තීව්‍ර කරමින්, ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) සහ එරට උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් අලි ලාරිජානි (Ali Larijani) පිළිබඳ තොරතුරු ලබා දෙන ඕනෑම අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 10ක් දක්වා ත්‍යාගයක් ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.

ජපානයත් යුද්දයට එකතු වෙයිද? වහාම සෙබළුන් 2200ක් මැද පෙරදිගට

ජපානයත් යුද්දයට එකතු වෙයිද? වහාම සෙබළුන් 2200ක් මැද පෙරදිගට

ඒ අනුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 'ත්‍යාග සඳහා සාධාරණත්වය' (Rewards for Justice) වැඩසටහන යටතේ මෙම පියවර ගෙන ඇත.

මෙම දීමනාව ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ඇත්තේ, ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනි, උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් අලි ලාරිජානි සහ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු ද මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි