ලෝක යුද්ධේ හදිසි වෙනසක්? ඉරාන නව නායකයා අමෙරිකාවෙන් සටන් විරාමයක් ඉල්ලයි - ට්‍රම්ප්
ඉරාන නව උත්තරීතර නායක මොජ්තබා කමේනි තමන්ගෙන් සටන් විරාමයක් ඉල්ලා සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු සිය 'Truth' සත්‍ය සමාජ ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ඇති බව සඳහන්.
කෙසේ වුවද එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා ඇත්තේ, එය සලකා බැලීමට නම් පළමුව හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ යුතු බවයි.
එසේ නොමැති වුවහොත් ඉරානයට අඛණ්ඩව ප්‍රහාර එල්ලකරන බව ඔහු පවසා ඇත.
ඒ අනුව ඔහු, "හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව, නිදහස්ව සහ පැහැදිලිව පවතින්නේ කවදාද යන්න අපි පළමුව සලකා බලනවා.එසේ නොමැති වුවහොත් අපි ඉරානය සහමුළුන්ම නැතිකර දමනවා" යනුවෙන් ප්‍රකාශ කර ඇත.