"අපි නිසැකවම ගිවිසුම ගහනවා" - ට්‍රම්ප් සහ මෝදි එක්ව ලෝක වෙළඳපොළ හොල්ලන්න හදන අලුත්ම සැලසුම

Report

එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ඉක්මනින් සුමට වෙළඳ ගිවිසුමකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඊයේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් සඳහන් කළේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි තම 'හොඳම මිතුරා' බවත්, ඔහු සමඟ ඇති සබඳතාව ඉතා ශක්තිමත් බවත්ය.

“අපි නිසැකවම ගිවිසුමකට එළඹෙමු. මම ඔබේ අගමැතිට ගොඩක් කැමතියි. ඔහු මගේ හොඳ මිතුරෙක්. අපේ සම්බන්ධතාවය ඉතා හොඳයි”

යනුවෙන් ඔහු පැවසීය.

බොලිවුඩය කැළඹූ ආදර කතාවේ අවසානය - සුපිරි නළු ආමීර් ඛාන් වයස 61 දී ගන්න යන හදිසි තීරණය මෙන්න

බොලිවුඩය කැළඹූ ආදර කතාවේ අවසානය - සුපිරි නළු ආමීර් ඛාන් වයස 61 දී ගන්න යන හදිසි තීරණය මෙන්න

ඇමරිකාව සහ ඉන්දියාව අතර වෙළඳ සම්බන්ධතා පිළිබඳ අදහස් දක්වමින් ඔහු තවදුරටත් සඳහන් කළේ ඉන්දියාව අතීතයේදී ඇමරිකානු සමාගම්වලට ඉහළ බදු පැනවූ බවත්, එහෙත් ඇමරිකාව ඉන්දියානු සමාගම්වලට වඩා විවෘත වෙළඳ අවස්ථා ලබා දුන් බවත්ය.

උදාහරණයක් ලෙස හාර්ලි - ඩේවිඩ්සන් සමාගම පෙන්වා දෙමින් ට්‍රම්ප් සඳහන් කළේ අතීතයේදී එම සමාගමේ යතුරුපැදි ඉන්දියාවේ විකිණීමට දැඩි බදු හේතුවෙන් බාධා පැවති බවයි.

කෙසේ වෙතත්, පසුකාලීනව තත්ත්වය වෙනස් වී ඇති බවත්, ඉන්දියානු නිෂ්පාදන ඇමරිකානු වෙළඳපොළට ඇතුළු වීමට අවස්ථා ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර, මෙම සතිය මුලදී ඉහළ පෙළේ ඇමරිකානු දූත පිරිසක් ඉන්දියාවට ගොස් දින හතරක අතුරු වෙළඳ සාකච්ඡා අවසන් කර ඇති බවද වාර්තා වේ.

තමිල්නාඩුවේ නව පරිච්ඡේදයක් - මහ ඇමති විජේගේ පළමු කැබිනට් රැස්වීම අදයි

තමිල්නාඩුවේ නව පරිච්ඡේදයක් - මහ ඇමති විජේගේ පළමු කැබිනට් රැස්වීම අදයි

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට හදිසි අනතුරු ඇඟවීම්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට හදිසි අනතුරු ඇඟවීම්