බොලිවුඩය කැළඹූ ආදර කතාවේ අවසානය - සුපිරි නළු ආමීර් ඛාන් වයස 61 දී ගන්න යන හදිසි තීරණය මෙන්න
ප්‍රසිද්ධ හින්දි සිනමා නළුවෙකු වන ආමීර් ඛාන් පසුගිය වසර කිහිපය තුළ චිත්‍රපට රංගනය අඩු කරමින් නිෂ්පාදන කටයුතු වෙත වැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.
වසර කිහිපයක විවේකයකින් පසු ඔහු පසුගිය වසරේ තිරගත වූ Sitaare Zameen Par චිත්‍රපටය හරහා නැවත රංගනයට පිවිසි බවද සඳහන් වේ. එමෙන්ම රජිනිකාන්ත් රංගනය කළ රජිනිකාන්ත්ගේ ගේ Coolie චිත්‍රපටයේ කුඩා ආරාධිත චරිතයක්ද ඔහු විසින් රඟපා ඇති අතර, එය සමාජ මාධ්‍ය හා විචාරක අවධානයට ලක්වී තිබේ.

ඉන් අනතුරුව නව චිත්‍රපට කිසිවක ඔහු රංගනය නොකළ බවත්, තමන්ගේම නිෂ්පාදන ආයතනය හරහා චිත්‍රපට නිෂ්පාදන කටයුතු වෙත වැඩි අවධානයක් යොමු කර ඇති බවත් වාර්තා වේ.
මේ අතර, දැනට 61 හැවිරිදි වියේ පසුවන අමීර් ඛාන් තුන්වන වරටත් විවාහ වීමට සූදානම් වන බවටද වාර්තා පළවී තිබේ. ඔහු 47 හැවිරිදි ගෞරි ස්ප්‍රැට් සමඟ විවාහ වීමට නියමිත බව සඳහන් වන අතර, එය ඉතා සරල ලියාපදිංචි විවාහයක් ලෙස පැවැත්වීමට නියමිත බව සමීප මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා වේ.

විවාහ උත්සවයට සහභාගී වන්නේ සමීප මිතුරන් සහ පවුලේ අය පමණක් බවද වාර්තා වන අතර, දෙදෙනා පසුගිය වසර කිහිපය තුළ විවාහ නොවී එකට ජීවත් වී ඇති බවද සඳහන් වේ.
අමීර් ඛාන් මීට පෙර සම්මුඛ සාකච්ඡාවකදී “මානසිකව විවාහ වූවාක් මෙන්” යනුවෙන් ප්‍රකාශ කර තිබීමද මේ අතර සමාජ මාධ්‍ය අවධානයට ලක්ව ඇත.