ඉන්දියාවට ට්‍රම්ප්ගෙන් තවත් 25%ක තීරු බද්දක්
අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා පවතින අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතයට අමතරව 25%ක අතිරේක බද්දක් අය කිරීමට අද (06) තීරණය කර ඇත.
ඉන්දියාව විසින් රුසියානු බොරතෙල් අඛණ්ඩව ආනයනය කිරීමට ගත් තීරණයට 'දඬුවමක්' ලෙස මෙම අතිරේක තීරු බදු අනුපාතය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරු බදු ප්‍රතිපත්තිය යටතේ, මීට පෙර ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා 25%ක බදු අනුපාතයක් පැනවීමට තීරණය කර තිබුණි.
මෙම නව තීරණයත් සමඟ, ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකෙරෙන එකතුව අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 50%ක් දක්වා ඉහළ ගොස් ඇත.