කිසිම හානියක් වෙලා නැති තරම් - ලොව වටා පැතිරෙන පුවතක් ට්‍රම්ප් තරයේ ප්‍රතික්ෂේප කරයි

Report

සෞදි අරාබියේ 'ප්‍රින්ස් සුල්තාන්' ගුවන් කඳවුරේ නවතා තිබූ ඇමෙරිකානු ටැංකි ගුවන් යානා පහකට බරපතළ හානි සිදුව ඇති බවට පළවන වාර්තා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් එම ගුවන් යානා විනාශ වී ඇති බවට විවිධ මාධ්‍ය ආයතන වාර්තා කර තිබුණද, ජනාධිපතිවරයා සිය 'Truth Social' සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ සඳහන් කරන්නේ ගුවන් කඳවුරට ඉකුත් දින කිහිපයේදී ප්‍රහාරයක් එල්ල වුවද, කිසිදු ගුවන් යානයකට "සෘජු ප්‍රහාරයක් එල්ල වී හෝ විනාශ වී නොමැති" බවයි.

ඉරානයේ IRIS Dena නෞකාවේ සිදුවීම උඩු දුවයි - ජීවිත පරිත්‍යාග කළ නාවිකයන් වෙනුවෙන් ඉරානය පළි ගන්න සැරසේ

ඉරානයේ IRIS Dena නෞකාවේ සිදුවීම උඩු දුවයි - ජීවිත පරිත්‍යාග කළ නාවිකයන් වෙනුවෙන් ඉරානය පළි ගන්න සැරසේ

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,"යානා පහෙන් හතරකට කිසිදු හානියක් සිදුවී නොමැති තරම්, ඒවා දැනටමත් යළි සේවයේ යොදවා තිබෙනවා.ඉතිරි යානයට සුළු හානියක් සිදුව ඇති නමුත් එයත් ඉතා ඉක්මනින් ගුවන්ගත කිරීමට හැකි වේවි," යනුවෙන්.

තත්ත්වය උග්‍ර අතට - වහාම ඉවත් වෙන්නයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය‍යේ වැසියන්ට ප්‍රබල අනතුරු ඇඟවීමේ නිවේදනයක්

තත්ත්වය උග්‍ර අතට - වහාම ඉවත් වෙන්නයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය‍යේ වැසියන්ට ප්‍රබල අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ඉරානයේ මහා විනාශයක් - එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, නෞකා 60ක් ඇතුළු ඉලක්ක 6,000කට ප්‍රහාර

ඉරානයේ මහා විනාශයක් - එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, නෞකා 60ක් ඇතුළු ඉලක්ක 6,000කට ප්‍රහාර

දරුණු ප්‍රහාරයක් ගැන ට්‍රම්ප් අනතුරු අගවයි - ආයුධ බිම තබා වහාම යටත් වෙන්න

දරුණු ප්‍රහාරයක් ගැන ට්‍රම්ප් අනතුරු අගවයි - ආයුධ බිම තබා වහාම යටත් වෙන්න