දරුණු ප්‍රහාරයක් ගැන ට්‍රම්ප් අනතුරු අගවයි - ආයුධ බිම තබා වහාම යටත් වෙන්න
රොයිටර් පුවත් සේවය වාර්තා කරන ආකාරයට හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව්වලට පහර දීම නතර නොකළහොත් ඉරානයේ කාර්ග් දූපතේ තෙල් මධ්‍යස්ථානයේ ඛනිජ තෙල් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
එම පුවත් සේවාව පෙන්වා දෙන්නේ මෙය දැනටමත් ඓතිහාසික සැපයුම් බාධාවකට මුහුණ දී සිටින වෙළඳපොළවල් තවදුරටත් කැළඹිය හැකි අනතුරු ඇඟවීමක් බවයි.
ට්‍රම්ප් සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජනපදය කාර්ග් දිවයිනේ මිලිටරි ඉලක්ක "සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති" බවයි. ඉරානයේ තෙල් නැව්ගත කිරීම්වලින් 90% ක් සඳහා අපනයන පර්යන්තය වන අතර එය සමුද්‍ර සන්ධියෙන් සැතපුම් 300 ක් (කිලෝමීටර් 483) පමණ වයඹ දෙසින් පිහිටා තිබෙන බව වාර්තා වේ.
එක්සත් ජනපද ප්‍රහාර කාර්ග් හි තෙල් යටිතල පහසුකම් ඉලක්ක කර නොගත් නමුත් "ඉරානය හෝ වෙනත් කිසිවෙකු හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් නිදහස් හා ආරක්ෂිතව ගමන් කිරීමට බාධා කිරීමට යමක් කළහොත් වහාම මෙම තීරණය නැවත සලකා බලමි" යනුවෙන් ට්‍රම්ප් සඳහන් කර ඇත.
එක්සත් ජනපද ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඉරානයට හැකියාවක් නොතිබූ බව ජනාධිපතිවරයා තවදුරටත් පවසයි.
"ඉරානයේ හමුදාව සහ මෙම ත්‍රස්තවාදී පාලනයට සම්බන්ධ අනෙකුත් සියලුම දෙනා තම ආයුධ බිම තබා ඔවුන්ගේ රටේ ඉතිරිව ඇති දේ බේරා ගැනීම ඥානවන්ත වනු ඇත." යනුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා Truth Social හි සඳහන් කර ඇත.
අදාළ සටහන පහතින්,