රියදුරන්ට දඬුවම් කලොත් දුම්රිය වර්ජනයක්..

By Gagana News Feb 26, 2025 01:36 PM GMT
Report

ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා දුම්රියේ ගැටී වන අලින් මිය යෑම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන වලදී දුම්රිය රියැදුරන්ට යම් අසාධාරණයක් සිදු වුවහොත් වන අලි සුලබව ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කරන බව ලොක මොටෝව් දුම්රිය ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

මෙම වන අලි මියයෑම සම්බන්ධයෙන් විධිමත් කරුණු සොයා බැලීමකින් තොරව පරිසරවේදීන් විසින් අදාළ දුම්රිය රියැදුරාට නඟන චෝදනා තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද එම සංගමයේ සභාපති කේ. යූ. කොන්තසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

කේ. සුජීවාගේ අලුත් ආදරය... මේ කතාව කීවේ කාටද?.. (PHOTOS)

කේ. සුජීවාගේ අලුත් ආදරය... මේ කතාව කීවේ කාටද?.. (PHOTOS)

මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇත්තේ දුම්රිය මාර්ග යේ සිටින වන අලි ප්‍රමාණවත් දුරකදී දර්ශනය නොවීම බවද කියා සිටි ඒ මහතා මෙම වන අලි දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් මේ දක්වා ලබාදීමට බලධාරීන් කටයුතු කර නැතැයි ද සඳහන් කළේය.