වාද්දූවේදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයක් දුම්රියක ගැටෙයි
By Kaushi
වාද්දූව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යුවලක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මරදානේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය වාර්තා කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් මෝටර් රථයේ සිට තිබෙනවා.
එසේම ඔවුන් ප්රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්.
මෙසේ අනතුරින් තුවාල ලැබූ දෙදෙනා 26 හැවිරිදි වියේ පසුවන බව ද පොලිසිය පවසා ඇත.