මාරක අනතුරක් - මව හා දියණිය මරුට

Report

 චාවකච්චේරිය - පුත්තූර් මාර්ගයේ කනකම්පුලියඩි ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 පොලීසිය සදහන් කළේ අද (21) උදෑසන 8.30ට පමණ ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

  මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ එකම පවුලේ සිව්දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වේ.

තවද අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ මව සහ දියණිය එම ස්ථානයේදීම මියගොස් ඇත ඒ වගේම ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ තවත් කාන්තාවක බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

සදුදා ඉදන් කරන්න යන අලුත්ම වැඩේ- මෙන්න මේ අයට වරදින්නයි යන්නේ

සදුදා ඉදන් කරන්න යන අලුත්ම වැඩේ- මෙන්න මේ අයට වරදින්නයි යන්නේ

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ ගෝලයෝ 15 ක් කොටු

සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ ගෝලයෝ 15 ක් කොටු