ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Report

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මෙම ප්‍රමාදය සිදුව ඇත්තේ අඹේපුස්ස - අලව්ව අතර දුම්රිය ධාවනය සිදුවන්නේ තනි මාර්ගයේ බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත්දා ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අඹේපුස්ස - අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ පැවති බෝක්කුව, අසලින් ගලාබසින මාඔය දෙසට තල්ලු වී කැඩීයාම නිසා දුම්රිය මාර්ගය යටින් අඩි 45ක පමණ කුහරයක් ඇතිව තිබුණා.

මේ අයට අද අනතුරු ඇඟවීම් නිවේදනයක්

මේ අයට අද අනතුරු ඇඟවීම් නිවේදනයක්

එබැවින් දුම්රිය මාර්ගයේ පැවති බාධා ඉවත්කර ඊයේ දින දුම්රිය මාර්ගය යථාවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

එසේම අද සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් සාමාන්‍ය පරිදි ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වහාම පාසල් දරුවන්ට රු 15,000ක දීමනාවක් - මේවටත් 25,000ක්

වහාම පාසල් දරුවන්ට රු 15,000ක දීමනාවක් - මේවටත් 25,000ක්

යතුරුපැදි ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

යතුරුපැදි ලියාපදිංචිය ගැන දැනුම්දීමක්