වහාම පාසල් දරුවන්ට රු 15,000ක දීමනාවක් - මේවටත් 25,000ක්
පිරිසිදු කර ගැනීමේ කටයුතු සඳහා ලබාදෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලට ද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවා.
ඒ අනුව ජනාධිපතිවරයා මෙම සතියේ ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ගන්නා බව ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ දින(8) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් සඳහන් කළා.
එසේම යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම වසරට අදාළව ලබාදී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් සියලු ප්‍රතිසංස්කරණ මේ මස 31 වැනිදාට පෙර නිම කරන මෙන් උපදෙස් දුන් ජනාධිපතිවරයා එම ප්‍රතිපාදන කිසිසේත් ආපසු හරවා එවීමට කටයුතු නොකරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මේ අතර ආපදාවෙන් පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් රජය ලබාදෙන රුපියල් 15,000ක දීමනාව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීමෙන් වහාම ගෙවා අවසන් කිරීමට ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී ඇත.