යතුරුපැදි ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පවසන්නේ වසරේ මේ දක්වා කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩිම ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇත්තේ  යතුරුපැදි බවයි

එමෙන්ම යතුරුපැදි පමණක් 223,423ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේය.

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

එමෙන්ම මෝටර් රථ 55,338ක් ද, ත්‍රීරෝද රථ 13,850ක්ද, මෙම කාණ්ඩ සියල්ලම ආවරණය වන පරිදි විද්‍යුත් වාහන 35,268ක්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත් වාර්තා කර ඇත.

මෙම වාහන ආනයනය කිරීමත් සමග මෙම වසරේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ආදායම් ඉලක්ක සපුරාගෙන ඇතැයිද පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ දෙපාර්තමේන්තුවට මෙම වසරේ ඉලක්කය ලෙස රුපියල් බිලියන 16ක ඉලක්කයක් ලබා දුන් බවත් එම ඉලක්කය ඉක්මවා පසුගිය නොවැම්බර් 30 වන විට රුපියල් බිලියන 17.8ක ප්‍රමාණයක් වාර්තා කිරීමට හැකිව ඇත.

නාමල්ගෙන් සුපිරි වැඩක් හැමෝටම නොමිලේ

නාමල්ගෙන් සුපිරි වැඩක් හැමෝටම නොමිලේ

එළැඹෙන වර්ෂය සඳහා රුපියල් බිලියන 18ක ආදායම් ඉලක්කයක් මහ භාණ්ඩාගාරය විසින් දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතැයිද එම ඉලක්කයද සපුරා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.