බොරැල්ල දෙසට ගමනාගමනය සීමා වෙයි
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දියේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
බොරැල්ල පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම තත්ත්වය හේතුවෙන් කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලා සිටී.
- මොඩල්ෆාම් හන්දිය හරහා කොළඹට ඇතුළුවන වාහන: මොඩල්ෆාම් හන්දියෙන් කනත්ත වටරවුම දෙසට ගමන් කර බේස්ලයින් මාර්ගය හරහා කොළඹට පිවිසිය හැක.
- රාජගිරිය දෙසින් කොළඹට ඇතුළුවන වාහන : ආයුර්වේද වටරවුමෙන් කොටා පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැක.
- කොළඹ දෙසින් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයට ගමන් ගන්නා වාහන : ඩී.එස්. සේනානායක හන්දියෙන් වමට හැරී, බොරැල්ල හන්දිය හරහා කොටා පාර ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයට පිවිසිය හැක.
මෙම බාධාව හේතුවෙන් රියදුරන්ට ගමනාගමනයේදී ඉවසිලිවන්තව කටයුතු කිරීමට සහ ඉහත විකල්ප මාර්ග භාවිතා කිරීමට පොලිසිය උපදෙස් ලබාදී ඇත.