විදුලිබල සේවකයින්ගෙන් වර්ජන නොකර සහාය දෙන්න ලෙස ඇමති නලින්ද අහයි

Report

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සම්පූර්ණයෙන් රජය සතු සමාගම් හඳුන්වා දෙමින් ඉදිරි පියවරක් තබන මාධ්‍යවේදී, වෘත්තීය සමිතිවල සහාය ලබාදෙන ලෙස ඉල්ලීමක් කරමින් කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, විදුලිබල මණ්ඩලයේ වර්ජනය පිළිබඳ මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඇල්ලවැල්ලව මාර්ගයේ මාරක අනතුරින් මියගිය 15 දෙනාගෙම මරණ පරීක්ෂණ බදුල්ල රෝහලේදී

ඇල්ලවැල්ලව මාර්ගයේ මාරක අනතුරින් මියගිය 15 දෙනාගෙම මරණ පරීක්ෂණ බදුල්ල රෝහලේදී

විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමටත්, ජනතාවට අඩු වියදමකින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමටත් ප්‍රතිව්‍යුහගතකරණය අවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය. තවද, මෙම ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සම්පූර්ණයෙන් රජය සතු සමාගම් 05ක් හඳුන්වා දීමට යෝජනා වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට සහ පාරිභෝගිකයන්ට සහන සැලසීමට මෙම පියවර ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම, විදුලිබල මණ්ඩලයේ සේවකයින් සඳහා වන්දි ගෙවීමේ සහ විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවත්, අවශ්‍ය නම් ඒ අනුව කටයුතු කළ හැකි බවත් ඔහු පැවසීය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

පසුගියදා විදුලිබල ඇමතිවරයා වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පවත්වා ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය ඉදිරි පියවරක් තබන මෙම අවස්ථාවේ, දේශපාලන හේතු මත වැඩවර්ජනවලට නොගොස්, මේ සඳහා සාධනීය දායකත්වයක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේය.

රන් මිල දිනෙන් දින ඉහළට - නවතම ගණන් මෙන්න

රන් මිල දිනෙන් දින ඉහළට - නවතම ගණන් මෙන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් ඉල්ලා අස්වෙයි

රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් ඉල්ලා අස්වෙයි