ඇල්ලවැල්ලව මාර්ගයේ මාරක අනතුරින් මියගිය 15 දෙනාගෙම මරණ පරීක්ෂණ බදුල්ල රෝහලේදී
ඇල්ලවැල්ලව මාර්ගයේ ඊයේ (4) දින රාත්‍රියේදී සිදුවු මාරක අනතුර නිසා ජීවිතක්ෂයට පත් පුද්ගලයින් 15 දෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදුකිරීමට සියල්ල සූදානම් බව බදුල්ල රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව දියතලාව සහ බණ්ඩාරවෙල රෝහල්වල තබා තිබු අනතුරෙන් මරණයට පත්වූවන්ගේ මෘත දේහයන් බදුල්ල මහ රෝහලට ගෙන ඒමට ක්‍රියා කරමින් පවතින බව කළ විමසුමකදී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

"බ්‍රේක් නෑ පස්සට ගිහින් අල්ලගන්න රියදුරු කෑ ගැහුවා කවුරුත් ගණන් ගත්තේ නෑ අපි හිනා වුණා" - තුවාලකරුවෙක්ට පියවි සිහියට
එබැවින් අඳාළ මෘත දේහයන් පිළිබඳව සිදුකරන පොලිස් පරික්ෂණ අවසන් වීමත් සමඟ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු ආරම්භ කරන බව පවසයි.
එසේම අද (05) දිනය තුළදී එම සියලුම මරණ පරික්ෂණ කටයුතු අවසන් කිරිමට සූදානමින් සිටින බවට තොරතුරු හෙළි වන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
