අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුමක්
By Hashini
මාස ගණනක් පුරා පැවති ගැටලු අවසන් කරමින් අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබෙනවා.
එලෙස වෙළඳ ගිවිසුමකට එළඹ ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් සහ යුරෝපා සංගම් ප්‍රධානියා අතර ස්කොට්ලන්තයේ දී පැවති හමුවකින් පසුවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට පෙර යෝජනා කරන ලද සියයට 30 අනුපාතය සංශෝධනය කරමින් යුරෝපා සංගම් අපනයන සඳහා සියයට 15ක ස්ථාවර තීරුබදු පැනවීමට නියමිත බවයි.
අගෝස්තු මස 1 වනදා සිට ගිවිසුමට අදාළ සංශෝධනය සිදුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.
