ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

Report

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, නීතිඥ කමල් අමරසිංහ මහතා විසින් විදේශීය රියැදුරු බලපත්‍රවල ත්‍රිරෝද රථ කාණ්ඩය ඇතුළත් නොවන නිසා සංචාරයට ශ්‍රී ලංකාවට එන විදේශිකයන්ට ත්‍රිරෝද රථ පැදවීමට අවසර ලබා දිය නොහැකි බව අවධාරණය කර ඇති බව සඳහන්.

මාස 9කින් EPF නෑ - සජිත්

මාස 9කින් EPF නෑ - සජිත්

ඒ අනුව ඔහු සඳහන් කළේ මෙරටට පැමිණෙන සංචාරකයන්ට ඔවුන්ගේ මව් රටේ රියැදුරු බලපත්‍රය මත පදනම්ව, සැහැල්ලු වාහන සහ යතුරුපැදි පැදවීමට තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් පවතින බවයි.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

එසේම එම සේවාව වඩාත් කඩිනම් කිරීමේ අරමුණින් කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ කවුළුවක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇති බව පවසයි.

මේ අයට YouTube තහනම්

මේ අයට YouTube තහනම්

තවද දිගු කාලීන වීසා මත ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ට ප්‍රායෝගික රියැදුරු පරීක්ෂණයකින් සමත් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමේ හැකියාව පවතින බවත් සඳහන් කර තිබෙනවා.

එසේම දැනට රට තුළ පවතින රියැදුරු බලපත්‍ර කාඩ්පත් හිඟය සම්බන්ධයෙන් ද කොමසාරිස් ජනරාල්වරයා අදහස් තම අදහස් දක්වා ඇත.

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි

එයට විසඳුමක් වශයෙන් එක්දින සේවාව යටතේ සහ විදේශගත වන පුද්ගලයන්ට පමණක් දැනට කාඩ්පත් මුද්‍රණය කරන බවත්, සෙසු අයදුම්කරුවන්ට තාවකාලික බලපත්‍රයක් නිකුත් කරන බවත් සඳහන්.

ඊට අමතරව කමල් අමරසිංහ මහතා විශ්වාසය පළ කළේ නව කාඩ්පත් තොගයකට ඇණවුම් ලබා දී ඇති නිසා එළඹෙන සැප්තැම්බර් මාසය වන විට මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇති බවටයි. එසේම කාඩ්පත් මුද්‍රණය වේගවත් කිරීමට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් ද ඇණවුම් කර ඇති බව සඳහන්.

ලයිට් බිල අඩු කරන්න රජයෙන් සැලැස්මක් - ලක්මාලි

ලයිට් බිල අඩු කරන්න රජයෙන් සැලැස්මක් - ලක්මාලි

WhatsApp මඟින් මුදල් වංචා - පොලීසිය ජනතාවට අනතුරු ඇඟවෙයි

WhatsApp මඟින් මුදල් වංචා - පොලීසිය ජනතාවට අනතුරු ඇඟවෙයි