ට්‍රැක්ටරයකින් ගමන් කරමින් සිටි, පාසල් සිසුන් 6 දෙනෙකු ඇතුළු 8 දෙනෙක් සැඩ පහරකට හසුවෙයි..!

Report

පාසල් නිමවී ට්‍රැක්ටරයකින් ගමන් කරමින් සිටි පාසල් දරුවන් 6 දෙනෙකු ඇතුළු 08 දෙනෙකු සැඩ පහරකට හසුවී අතුරුදන්වී තිබේ.

ඉන් සිසුන් දෙදෙනෙකු බේරාගෙන ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

අවුරුදු 12ත් 16ත් අතර වයසේ පසුවන දරුවන් එළෙස අනතුරට මුහුණදී ඇති බව වාර්තා වෙයි.

නින්දවූර් මද්‍රාසා පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් අදාළ ට්‍රැක්ටර් රථයෙන් ගමන්කරමින් සිටියදී කාර්තිව් හන්දිය ආසන්නයේදී මෙම අනතුරට මුහුණදී තිබේ.