අද කාලගුණ අනාවැකිය

By Mithu Apr 16, 2025 11:47 PM GMT
Report

 බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇති වේ.

අවුරුදු නිවාඩුවෙන් පසු කොටස් වෙළෙඳපොළේ සිදුවුණු ලොකු වෙනස

අවුරුදු නිවාඩුවෙන් පසු කොටස් වෙළෙඳපොළේ සිදුවුණු ලොකු වෙනස

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තුවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

අලුත් අවුරුද්දේ අධිවේගී මාර්ග ආදායම රු මිලියන 273ක්

අලුත් අවුරුද්දේ අධිවේගී මාර්ග ආදායම රු මිලියන 273ක්