අවුරුදු නිවාඩුවෙන් පසු කොටස් වෙළෙඳපොළේ සිදුවුණු ලොකු වෙනස

By Zara Apr 16, 2025 05:35 PM GMT
Report

අද (16) දිනයේ දී දීර්ඝ සතිඅන්තයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68කින් ඉහළ ගොස් ඒකක 15,625.88 ක් ලෙසින් වාර්තා වී ඇත.

එමෙන්ම S&P SL20 දර්ශකය ඒකක 29.95කින් ඉහළ ගොස් ඒකක 4,644.49 ක් ලෙසින් සටහන්ව තිබුණි.

මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වුවද අද දිනයේ දී ගනුදෙනු පිරිවැටුම පසුගිය දින කිහිපය හා සැසඳීමේ දී ඉතා පහළ මට්ටමක පැවතිණි.

ඒ අනුව අද දින ගනුදෙනු පිරිවැටුම වාර්තා වූයේ රු. මිලියන 792ක් ලෙසිනි.

එහිදී දේශීය මිලදී ගැනීම් රු. මිලියන 781ක් හා දේශීය විකිණුම් රු. මිලියන 730ක් ලෙසින් සටහන්ව තිබුණි.

විදේශීය මිලදී ගැනීම් රු. මිලියන 11ක තරම් ඉත පහළ අගයයක් විය.

විදේශීය විකිණුම් අද දින රු. මිලියන 61ක් ලෙසින් වාර්තා වී ඇත.  

හැමදාමත් ලස්සන වගේම සරාගී යුරේනි අවුරුදු ඔසරියට හැඩ මවපු අපුරුව

හැමදාමත් ලස්සන වගේම සරාගී යුරේනි අවුරුදු ඔසරියට හැඩ මවපු අපුරුව

අලුත් අවුරුද්දේ අධිවේගී මාර්ග ආදායම රු මිලියන 273ක්

අලුත් අවුරුද්දේ අධිවේගී මාර්ග ආදායම රු මිලියන 273ක්