පෘථිවිය වටේ කරක් ගහන තවත් සඳක්.. මේ ගැන ඇහුවොත් පුදුම හිතෙයි..
By krishani
පෘථිවියට තාවකාලිකව නව සඳක් බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් නාසා ආයතනය අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2024PT5 නමින් හඳුන්වන, මීටර් 10ක ප්‍රමාණයේ ග්‍රාහකයක් අගෝස්තු මස 7 වැනිදා විද්‍යාඥයින් සොයාගෙන ඇත.
මෙම ග්‍රාහකය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසුවීමත් සමග මේ මස 29 වැනිදා සිට නොවැම්බර් 25 වැනිදා දක්වා පෘථිවිය වටා ගමන් ගනී.
ඒ බව නාසා ආයතනය සඳහන් කළේ ය.
එමෙන්ම, නාසා ආයතනය පෙන්වා දෙන්නේ මාස දෙකකට ආසන්න කාලයක් පෘථිවිය වටා මෙම ග්‍රාහකය ගමන් ගත්ත ද එය සම්පූර්ණ පෘථිවි කක්ෂය වටා ගමන් නොකරන බවයි.
ඒ හේතුවෙන් නොවැම්බර් 25 වැනිදායින් පසු පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී 2024PT5 ග්‍රාහකය නැවත සූර්යා වටා කක්ෂගත වන බවයි.