වනාතවිල්ලුවේ දරුණු අනතුරක් - ඔරුවක් පෙරළී ළමුන් 3ක් ජීවිතක්ෂයට
වනාතවිල්ලුව ප්‍රදේශයේ මංගලපුර විල්ලුවේ මල් කැඩීම සඳහා ඔරුවකින් ගිය පාසල් සිසුන් තිදෙනෙකු අවාසනාවන්ත ලෙස දියේ ගිලී මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ විල්ලුවේ මල් කැඩීම සඳහා පාසල් සිසුන් 5 දෙනෙකු එකම ඔරුවකින් යමින් සිටින අතරතුර එම ඔරුව හදිසියේම දිය මැද පෙරළීයාමෙන් මෙම සිසුන් පිරිස එකවර දියේ ගිලී ඇති බවය.
සිද්ධියත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් විසින් ඒ අතරින් එක් සිසුවෙකු නිරුපද්‍රිතව මුදාගෙන ඇති අතර දියේ ගිලුණු සෙසු සිසුන් සියලුදෙනා කඩිනමින් වනාතවිල්ලුව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
රෝහල් ගත කරන අවස්ථාවේදී ඒ අතරින් අතිශය අසාධ්‍ය තත්ත්වයේ පසු වූ සිසුන් තිදෙනෙකු වැඩිදුර හදිසි ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඔවුන් එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවද පොලිසිය තහවුරු කළේය.
මෙලෙස දියේ ගිලීමෙන් අකාලයේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම ප්‍රකට පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉතාමත් දක්ෂ ලෙස ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 16 ක පමණ පසු වූ සිසුන් පිරිසකි.