ආයේ වෙරළට අපද්‍රව්‍ය දාලා තිබ්බොත් සරලවම කරන්නේ මේකයි, පරිසර ආරක්ෂණ අධිකාරියෙන් දන්වයි
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟින් වෙරළ පරිසර පද්ධතියට බැහැර කර තිබෙන අපද්‍රව්‍යවල වෙළෙඳ නාම සංගණනයක් සිදුකර එම සමාගම්වලට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
මේ පිළිබඳව පවසා ඇත්තේ මෙම මස 20 වැනිදාට යෙදී ඇති ‘අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය’ පිළිබඳව දැනුවත් කිරීමට පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (17) දින පැවැති මාධ්‍ය හමුවේදී බව සඳහන්.
ඒ අනුව අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව පවත්වනු ලබන ජාතික වැඩසටහන මෙම මස 20 වන දා පෙරවරු 7.30 සිට පෙරවරු 11.00 දක්වා පානදුර වෙරළ උද්‍යානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම ඒ හැරුණු කොට කිලෝමීටර් 100ක වෙරළ කලාපයක් ද පිරිසුදු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
එහිදී වෙරළ පිරිසුදු කිරීමට සමගාමීව වෙරළ පරිසරයට බැහැර කර තිබෙන අපද්‍රව්‍යවල වෙළෙඳ නාම සංගණනයක් ද සිදුකිරීමට නියමිතව ඇත.
ඒ අනුව එම අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව වෙරළ කලාපයේ තිබෙන අපද්‍රව්‍යවල ඇති වෙළෙඳ නාමවලට අදාළ සමාගම්වලට පළමුව අවවාද කර ඉන් අනතුරුව නීතිමය පියවර ගන්නා බවත් ය.
එසේම ශ්‍රී ලංකාවේ පරිහරණය කෙරෙන පොලිතින් සහ ප්ලාස්ටික්වලින් සියයට අසූ දෙකක් (82%)ක් මුහුදට එකතුවන බව පැවසූ සභාපතිවරයා ඉන් සියයට දහයක් (10%)ක් වෙරළ කලාපය ආශ්‍රිතව රැඳෙන බව ද සියයට දෙකක් (2%)ක් සාගර කලාපය ආශ්‍රිතව පාවෙන බවද ප්‍රකාශ කළා.
මේ අතර මෝසම් සුළං සමග මෙරට වෙරළ කලාපයට කිලෝ දහස් ගණනින් පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුවන බවද ඔහු පෙන්වා දී ඇත.
මෙරටට අසල්වැසි රට වන ඉන්දියාවේ කේරළ මුහුදු කලාපයේදී පසුගිය මැයි මස 25 වන දින ගිනි ගැනීමට ලක්වූ M.S.C. එල්සා නැවේ තිබූ පොලිතින්, ප්ලාස්ටික් ආදිය ඉතා විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට එක් වී තිබෙනවා.
තවද එහි තිබූ රසායනික ද්‍රව්‍ය බැරල් ගණනාවක් සාගරයට එක් වී ඇත. මේ නිසා අඳාළ නැව හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෙරට සාගර කලාපයට සිදුවූ හානියට වන්දි ගෙවීමට අඳාළ නැව් සමාගම සහ රක්ෂණ සමාගම එකඟතාව පළකර ඇත.
ඊට අමතරව සභාපතිවරයා කියා ඇත්තේ මෙරට වෙරළ හා සාගර කලාපයට මෙන්ම සාගර ජීවීන්ට එම අපද්‍රව්‍යවලින් සිදුවූ හානිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නාරා ආයතනය මගින් ගණනය කරමින් තිබෙන බවයි.