කඩවල්වලින් බිස්කට් කන්නේ බලාගෙන මෙහෙමත් මුදලාලිලා ඉන්නවා
කල් ඉකුත් වූ චොකලට් සහිත බිස්කට් අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශන කර තිබූ බව කියන බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළඳසැල් ආයතනයක් වටලා ඇති අතර එම ආයතනයට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න අද (17) නියම කළා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලද තොරතුරකට අනුව කරන ලද වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
කල්ඉකුත් වූ චොකලට් සහිත බිස්කට් ඇසුරුම් පාරිභෝගිකයාට මිලදී ගැනීමට හැකිවන පරිදි වෙළෙඳසැලෙහි ප්‍රදර්ශනය කර තිබීම යටතේ චෝදනා ගොනුකර තිබුණා.