ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්

Report

ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායට මිලියනයකට ආසන්න තරුණ පිරිසක් ඇතුළත් වනු ඇති බවට බලාපොරොත්තු වුවද එම කාලයේ දී ජනිත වනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති නව රැකියා ප්‍රමාණය 300,000 ක් (ලක්‍ෂ 3ක්) පමණක් බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබෙනවා.

එබැවින් රැකියා උත්පාදනය වෙනුවෙන් පෞද්ගලික අංශයේ වර්ධනය දිරිගැන්වීම අත්‍යවශ්‍ය බව ලෝක බැංකුවේ උප සභාපති Johannes Zutt මහතා ප්‍රකාශ කරයි.

අද මේ ලග්නවලට සතුට දෝරෙ ගලලා සැප සම්පත් උතුරන්න තරම් සුබයි

අද මේ ලග්නවලට සතුට දෝරෙ ගලලා සැප සම්පත් උතුරන්න තරම් සුබයි

මේ බව දක්වා ඇත්තේ ලෝක බැංකු උප සභාපතිවරයාගේ ශ්‍රී ලංකාවේ පළමු නිල සංචාරය අවසන් වීමෙන් අනතුරුව ලෝක බැංකුව නිකුත් කළ නිල ප්‍රකාශයේයි.

එසේම ලෝක බැංකුව සඳහන් කළේ පෞද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම, තරගකාරිත්වය ශක්තිමත් කිරීම සහ සේවා සැපයීම සහ රට පුරා රැකියා අවස්ථා පුළුල් කිරීමට ලෝක බැංකු සමූහය රජය සමග හවුල්කාරිත්වයෙන් දිගටම කටයුතු කරනු ඇති බවයි.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

මේ අතර ලෝක බැංකු උප සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග කළ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව දුෂ්කර උත්සාහයකින් දිනාගත් ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් ප්‍රශංසා ක‍ර තිබෙනවා.

එසේම එහිදී රැකියා නිර්මාණය කරන, පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගන්නා සහ ප්‍රධාන අංශ නවීකරණය කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී රජයට අඛණ්ඩව සහාය දැක්වන බව ද ප්‍රකාශ කර ඇති බව සඳහන්. තවද එම අවස්ථාවේදී ලෝක බැංකු උප සභාපතිවරයා මෙසේ ද කියා තිබෙනවා.

කඩවල්වලින් බිස්කට් කන්නේ බලාගෙන මෙහෙමත් මුදලාලිලා ඉන්නවා

කඩවල්වලින් බිස්කට් කන්නේ බලාගෙන මෙහෙමත් මුදලාලිලා ඉන්නවා

“ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම සඳහා අඩිතාලම දමා ඇත. රැකියා, ආයෝජන සහ සියල්ල පැතිරුණු සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට දැන් කාලයයි. සේවා පුළුල් කිරීම සහ රැකියා නිර්මාණය කිරීම සඳහා පුද්ගලික ප්‍රාග්ධනය බලමුළුගැන්වීම සහ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය දෙමින් මෙම ගමනේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ලෝක බැංකු සමූහය සූදානම්.”   

අද තමයි දවස, මේ ලග්නවල අය අද කට පරිස්සම් කර නොගත්තොත් වෙන්නේ මේකයි

අද තමයි දවස, මේ ලග්නවල අය අද කට පරිස්සම් කර නොගත්තොත් වෙන්නේ මේකයි